Sunday, December 18, 2011

එක ඇත්ත කතාවක්...


                                    "ඕඩි විලයාද පාපා....
                                                  නී ඔයින්දිරික්කාද පාපා....
                                                 කුනි විලයාද පාපා....
                                                 නී කිලදයාහ පාපා විලයාද පාපා..."
                                             
                                    පුංචිම පුංචි මුව පැට්ක්කියක් වගේ හිනා වෙවී.මම අරන් දීපු බෝනික්කිව තුරුල් කරන් සින්දු කියපු මගේ චින්න මාන් කුට්ටි තාමත් මහ රෑට මගේ නින්ද නැති කරනවා.ගොඩාක් වේදනාවකින් මට මොනවද කියනවා.




                            පුංචි සමනල් පැටියව මට මුලින්ම හම්බ වුනේ  මීට මාස ගානකට කලින් නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයෙ(SBS) මම සේවයේ නිරත වෙලා හිටපු කාලයේදී.ඔය කියන කාලයේ දී මම සේවය් යේදී සිටියේ කයිටස් දුපතේ....


                                               කයිටස් දුපතේ වෙලනි කියන ප්‍රදේශයේ තමයි එයාලා ජීවත් වුනේ.වෙලනි ප්‍රදේශයට මුලින්ම ගියපු දවසේ තමයි මගේ චින්න මාන් කුට්ටිව මන් මුලින්ම දැක්කේ.අනේ මම කොහොම ඒ දවස අමතක කරන්නද.....මගේ අතේ තිබුණ චොකලට් එක දැකලා මගේ ගාවින් අවුරුදු 06ක විතර නිල් ඇස් තියන ලස්සන මුව පැටික්කියක් වගේ ගෑණු ළමයෙක් එහෙට මෙහෙට දුවගන ගියා...
          මම: තංගච්චි....
         මාන් කුට්ටි: එන්න අන්නා..




                                          පුංචි මුවින් කියපු ඒ වචනෙ....ඇත්තටම මම දමිල දැනගන හිටියෙ නෑ.ඒත් මාන් කුට්ටි ට තේරෙන්න ඇති මම කතා කලේ අතේ තිබුණු චොකලට් එක දෙන්න කියලා.එදා ඉදන් මගෙ මාන් කුට්ටි හැමදාම මාව බලන්න එනවා.ආවෙ නැති සමහර දවස් වලට මම එයාව බලන්න ගියා.
                                       දවසෙ වේලවත් හරියට හොයා ගන්න පුළුවන් තත්වයක නෙවෙයි එයාගෙ තාත්තා හිටියෙ.දමිල පියෙක් ට සිංහල මවකට දාව උපන් පුංචි මුව පැටික්කිට ඒ වෙන කොටත් මව් සෙනෙහස අහිමි වෙලා තිබුණා.අප්පගෙ හුරතලේට හැදුණු  දෝණි ඇත්තටම හුරතල් මුව පැටික්කියක්....
                                    කදවුරේ හිටපු CA(කෝකියා)ට කියලා හැමදාම මම පුංචි මාන් කුට්ටි ට කෑම එකක් අරන් ගියා.කෑම පෙට්ටිය අතට දුන්නම ඒ පුංචි ඇස්වල හිනාවට යටින් හැංගිලා තිබුණ කදුල අද වගෙ මට මතකයි.....
           
      මාන් කුට්ටි: නාන් ඉදු නාලෙකි කොන්ඩු වාරෙන් අන්නා....
      මම: හොදයි මාන් කුට්ටි....
  කියපු වචන නොතේරුණාට ඒ කියපු දේ තේරුම් ගන්න මට අමාරු උනේ නෑ.........




                                  නිවාඩුවට ගමට ගියපු දවසක සෙල්ලම් බඩු සාප්පුවක තිබ්බ බෝනික්කෙක් මම එයාට ගත්තා.එයා ලග හිටපු බෝනික්කා ගොඩාක් පරණ වෙච්ච කැඩිච්ච එකෙක්.ඉතින් සාප්පුව ලගින් යන කොට මට මතක් උනේ මගේ පුංචි මාන් කුට්ටිව.කදවුරට ආපු ගමන් ඒ බෝනික්කත් හංගගෙන මම ගියෙ එයාව බලන්න.....




     මම: මාන් කුට්ටී......




                             මගේ දගකාර මාන් කුට්ටි ඈත ඉදන් මං ගාවට දුවගන ආවා.හංගගෙන හිටිය බෝනික්කව එයාගෙ අතට දුන්නම කොච්චර එයා සතුටු උනාද කිව්වොත්...අදටත් ඒ හැම දෙයක්ම මගෙ ඉස්සරහ මැවෙනවා මාව අඩවලා.....මම දීපු බෝනික්කව තුරුළු කරන් එයා ගොඩාක් ආදරෙන් ඒ බෝනික්කව නැලෙව්වෙ දමිල සින්දුවකුත් කියාගනමයි.සමහර විට ඒ එයාගෙ ජීවිතේට ලැබුණ වටිනාම තෑග්ගක් කියලා හිතුණ නිසා වෙන්න ඇති....




                          එයාගෙ තාත්තා ත්‍රස්තවාදියෙක් කියලා කදවුර පුරා කසු කුසුවක් තිබුණා. ඒත් එයා මට හොදට මුහුණදීලා කත කලා.ශිවාට( තාත්තට )හොදට සිංහල කතට කරන්න පුළුවන්....




  ශිවා: මල්ලි දීපු බෝනික්කා අපේ දුව ළගම තමා තියා ගන්නවා...නිදාගන්න කොටත් ළගම තමා තියා ගන්නවා




                        ශිවා එහෙම කියද්දි වැඩියෙන්ම සතුටු උනේ මම.ඒ මගේ පුංචි මාන් කුට්ට් මම ගෙනත් දුන්න බෝනික්කා නිසා සතුටින් ඉන්නවා නේද කියලා හිතුණ නිසා....




                      එක රැයකදි අපේ කදවුරට පණිවිඩයක් ලැබුණා. ඒ වෙලනි පැත්තෙ ගෙදරක ඉදලා ත්‍රස්තවාදීන් පිරිසක් යුධ හමුදාවට පහර දෙනවා කියලා.මාත් ඇතුළුව අපේ විශේෂ කණ්ඩායමක් වෙලනි වලට ගියේ යුධ හමුදාවට සහය දෙන්න....




                   සත්තකින්ම වෙලනි වලට යනකම් මම දැනන් හටියෙ නෑ ඒ මගෙ මාන් කුට්ටිගෙ ගෙදර කියලා.අපේ කණඩායම ගේ ගාවට යනකොටත් සටන අවසන් වෙලා තිබුණා.හමුදාවෙ සෙබළු ත්‍රස්තයන්ගෙ මළ සිරුරු නිවසින් පිටතට ගෙනල්ලා.ඒ අතර ශිවාගෙ මළ සිරුරත් තිබුණා.අනේ මගෙ මාන් කුට්ටි.....මගෙ හදවත මොහොතකට නවතින්න ඇති.මම ඒ නිවසට ඇතුල් උනේ මහ හයියෙන් එයාට කතා කරගන...මම දන්නව කොහේ හිටියත් එයා මගෙ කට හඩට ලගට එනවා කියලා...




                මම දැක්කා සාලෙ පැත්තකට වෙන්න තිබ්බ අල්මාරිය එහා පැත්තෙන් එයාගෙ බෝනික්කගෙ අතක් පේනවා.මම එතනට යනකොට එයා අල්මාරිය පිටිපස්සෙ ගුලි වෙලයි හිටියෙ.එයා අමාරුවෙන් මගෙ ලගට ආවා.මට හිතුණෙ වෙඩි සද්දෙට බයට කියලා උනාට මගෙ පුංචි මුව පැටික්කිට වෙඩ් වැදිලා තිබුණා.මහා හයියෙන් කෑ ගහගන මම එයාව වඩා ගත්තා.




                             "අන්නා......ත...තන්..නි....."
 
                මගේ පුංචි මාන් කුට්ටිට අන්තිම මොහොතෙ වතුර බිංදුවක් කටට වක් කරන්න වත් නොදීම එයා මගේ මේ අත් දෙකඋඩ සදහට ඇස් පියා ගත්තා.....ඒ මතකය අදටත් මාව අඩවනවා.මම මගේ ජොබ් එකට මම ගොඩාක් ආදරය කලා.ඒත් මේ සිදුවීමෙන් පස්සෙ මම නේවි එක දාලා ගෙදර ආවා...නිකමට හරි කවුරුහරි මේ කතාව බැලුවොත් මගෙ පුංච් මාන් කුට්ටි වෙනුවෙන් LIKE එකක් දෙන්න.........

2 comments:

  1. ඇත්තටම දුකයි අයියා ඔයාගෙ මාන් කුට්ටි ගැන....

    ReplyDelete