Sunday, December 18, 2011

අපේ විද්‍යාව සර්ට මම මචං වෙච්චි හැටි.......



                                                                මම ඉතිං හැමදාම කලේ යාළුවන්ට උදව් කරන එක තමයි.පොඩිකාලෙ ෆුට් බයිසිකලෙන් පටන් ගත්ත මම අද මෝටර් බයිසිකලය දක්වාම යාළුවන්ගෙ ගමන් වලට උපරිම සහයෝගය දෙනවා.


                                                දවසක් මම ගියා මගේ යාළුවෙක් ටවුන් එකට ගිහින් දාන්න.ඔය කියන යාළුවා පිස්සු පොරක්...හැමෝම මෙයාට කිව්වෙ කොරියන් වයර් කියලා.මොකද පුංචි කාලෙ ඉදලම මෙයාට තිබුණෙ කොරියන් රටේ රැකියාවක් කරන හීනයක්..හැබැයි ඉතිං මම මේ ලිපිය ලියන අදවෙනකනුත් එයාට කොරියාවට තියා ළගම තියන ඉන්දියාවට වත් යන්න නම් බැරි උනා.


                                               ඉතිං මම කොරියන් වයර් ටවුන් එකට දාලා ගෙදර එන්න ආවා.ඔය එන පාරෙ තමයි අම්පාරෙ නගරයෙ ඉන්න ගොඩාක් දෙනා දුකට වගේම සතුටටත් පාවිච්චි කරන බෙහෙත(අරක්කු) බොන්න යන එන "තානායම" තිබුණෙ.මේ තානායමට හැරෙන වංගුව ගාව තියනවා පොඩි කැලයක් වගෙ ඉඩමක්..එතන අලියෙකුත් හිටියා.හැබැයි ඉතිං ඇත්ත එකෙක් නෙවෙයි.බිත්තියක ඇදපු අලියෙක්..ඒ ඉඩමට එහා පැත්තෙන් තිබුණ ගෙදර හිටිය මහත්තයා හොද අලියෙක්. ඒ නිසා තමයි ඔය බිත්තියෙ ලොකු අලියෙක් ඇදලා හිටියෙ.


                                              මම ඔය තානායම පහු කරන කොට මට ඇහුණා සිංහයෙක් ගොරවනවා.අලි මදිවට සිංහයෝ....මට එහෙම හිතුණට සිංහරාජෙ වත් නැති සිංහයෝ කොහෙන්ද මේ අම්පාරේ.....ඉතිං මමත් බයික් එක පාර අයිනක නතර කරලා බැලුවා මොකක්ද මේ සිංහාව ලෝකනය කියලා.


                                            "සිංහයෙක් නෙවෙයි ඌරෙක්..'"මම දැක්කෙ රෙදි වැලක තිබුණ ඇදුමක් පටලවගන ඇවිත් කානුවෙ වැටිලා ඉන්න ඌරෙක්ව.ඒත් ලංවෙලා බලන කොට තමයි මට පුංචි කාලෙ ඉගන ගත්ත විද්‍යාව පාඩම් ආයිත් පාරක් කට පාඩම් වෙන්න පටන් ගතතේ....


                                            ඇත්තටම මට වැරදිලා ඒ හිටියෙ ඌරෙක් නෙවෙයි පුංචි කාලෙ අපට විද්‍යාව උගන්වපු විද්‍යාව සර්..ඒ වෙලාවෙ සර්ට නම් අම්බානෙකට වෙරි...සර්ගෙන් ඉගන ගත්ත නොගත්ත හැමෝම ආදරේට සර් කිව්වෙ "කිරි බණ්ඩියා" සර් කියලා.ලොකු බඩක් තිබුණ නිසා තමයි සර්ට එහෙම නමක් වැටුණෙ....හැබැයි ඉතිං සර්ගෙ බඩේ වැඩියෙන්ම තිබුණෙ කිරිද ඇල්කොහොල්ද කියලා සර් ගැන දන්න කවුරුත් දන්න රහසක්...විපතේදි මිතුරන් අමතක කරන්න හොදනෑ කියලා පුංචි කාලෙදිම ඉගන ගත්තම මම කොහොම සර්ව පාරෙ අයිනෙ දාලා යන්නද...ඉතිං මම සර්ට කිට්ටු කරලා ඇහැරව ගත්තා බොහොම අමාරුවෙන් අපේ සර්ව...


      මම : සර් මොකක්ද අවුල....?
      සර් : පොඩ්ඩක් වැඩි උනා සනා....


                                         එහෙම කියපු සර් ආයිමත් දොයි. මම දෙවනි සැරයටත් මගේ උපරිම උත්සහය දාලා කිරි බණ්ඩියා සර්ව ඇහැරව ගත්තා.ඔන්න ඉතිං ඒ පාර නම් සර් ටිකක් විතර කෙලින්.......


  සර් : දන්නවද බං අපේ ගෙදර....?
  මම : දන්නව සර් ඇයි...?
 සර් : මාව අපේ ගෙදරට දාපන් ලොකු උදව්වක්....


                                     මම පිළිතුරු දෙන්න කලින්ම සර් ගිහින් මගේ බයික් එකේ වාඩි උනා.මමත් ඉතිං සර්ව පිටි පස්සෙන් තියාගන යන්න පටන් ගත්තා.හරියට ඉතිං ළගදි බැදපු කපල් එකක් වගේ සර් මාව හයියෙන් බදාගන...


   මම : ඇයි සර් මෙච්චර බීලා....?
  සර් : මම එහෙම තමයි ඩේලි ගසනවා...but...අද ටිකක් වැඩි උනා....


                                 මම දන්න තරමින් සර් හොදට කන බොන කෙනෙක්...කන බොන කිව්වට වැඩිපුරම බොනඑක තමයි එයා කලේ..හැබැයි ඉතිං බණ්ඩියා සර් බොන බීමට සර්ගෙ පඩිය නෙවෙයි එයාගෙ නෝනගෙ පඩියත් මදි වගේ...මට හිතුණා සර්ගෙන්ම මේ ගැන අහන්න........


  මම : සර්ට drinks වලට මාර වියදමක් යනවා ඇති නේද....?
  සර් : පිස්සුද මචෝ මේවා තමයි ට්‍රික්ස්....?

                             ටිකෙන් ටික සර්ට මම මචං උනා..මේ නිකන් අරක්කු බොන ක්‍රමයට මොකක් හරි විද්‍යාත්මක හේතුවක් තියනවද කියලා මම කල්පනා කලාට මටත් හේතුව ගැට ගහගන්න බැරිව ගියා....


  මම : ඇත්තටම සර් කොහොමද ඔය බොන්නෙ...?
  සර් : උඹ කාටවත් මේවා කියන්න එපා. සෙට් වෙනවනම් මාත් එක්කම විතරයි ok මචං...


                      සර් ඇල්කොහොල් සුවද වෑහෙන කට මගේ කනට ලං කරලා රහසක් කියන්න ලෑස්ති උනා.


  මම : පිස්සුද සර්..මම කාට කියන්නද...?
  සර් : මෙහෙමයි මම හැමදාම කිට මරලා බහිනවා තානායමට...ඔය වෙඩින් එකක් තියන time එකකට...
 මම : නෑ....ඊට පස්සෙ....
සර් : ඊටත් පස්සෙ මොනවද මචං...මුල්ලකට වෙන්න  තියන ටේබල් එකක වාඩි වෙනවා.ඔන්න එනවා බොතලෙයි බයිට් එකයි අත ළගට
මම : ඉතිං සර් මාට්ටු වෙන්නෙ නැද්ද....?
සර් : හිහ්...කොහෙ මාට්ටු වෙන්නද බං...මනමාලිගෙ පැත්තෙන් හිතන්නෙ මනමාලයගෙ එකෙක් කියලා. මනමාලයගෙ අයත් එහෙම තමයි.අනික ඔය වෙලාවට කාටවත් මම ගැන හොයන්න ඕනිකමක් නෑ මචං...


              ඉතිං ඒකත් ඇත්ත තමයි...අච්චු පොතේ තිබ්බ පාඩම් එහෙම් පිටින් අපේ පොත්වලට කොපි රයිට් කරපු සමහර ගුරුවරු හිටිය අපේ පාසල් වල මේවගෙ අමුතු විදියට හිතන්න පුළුවන් කරි බණ්ඩියා සර් ගැන මට පුංචි ආඩම්බරයක් ඇති උනා.හැබැයි සර් මට කියපු දේවල් වලින්ම ආයිමත් මට ප්‍රශ්නයක් මතු උනා. මොකද මේ කියන දවසෙ තානායමෙ කිසිම වෙඩින් එකක් තිබුණෙ නම් නැහැ.


   මම : සර් අද වෙඩින් එකක් නෑනේ...තානායමේ...?
  සර් : හැමදාම කොහෙන්ද බං වෙඩින්....උඹ අම්පාරෙ නෙවෙයිද...මොන ඉස්කෝලෙටද බං උඹ ගියේ...?


              ඔන්න ඒ ගමන සර් මගෙ ඇගට කඩා පනින්න ගත්තා..එතකොට තමයි මම තේරුම් ගත්තෙ තවමත් බණ්ඩියා සර්ට මාව මතක නෑ කියලා.


  මම : හරි හරි...සර්..නොදන්න කමටනෙ ඉතිං ඇහුවෙ....
   සර් : වෙඩින් තිබුණා නැහැ කියලා මට වෙනසක් නෑ බං...මම හැමදාම තානායම පැත්තෙ යනවා.මගෙන් ඉගන නොගත්ත එකෙක් මේ අම්පාරෙ නෑ...ඉතිං මගේ ගෝලයො එකෙක් දෙන්නෙක් හරි හවස ඔතන සෙට් වෙලා ඉන්නවා..ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා උඹට හිතාගන්න පුළුවන්නෙ නේද...?


                 සර් කියපු දේ මට හොදට තේරුම් ගන්න පුළුවන් උනා.එදත් සමහර විට සර් ගොලයො ගෙඩොක් තානායමෙ බොන්න සෙට් වෙන්න ඇති.සර් එතනට වෙලා ගෝලයො දහ දෙනෙක්ගෙන් විතර පුරවලා අරක්කු වීදුරු 10ක් විතර බඩට හලා ගත්තම සර්ට වෙන්න ඇත්තෙ මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි වයසක නෙවෙයි එදා මම හිටියෙ...


              කිරි බණ්ඩියා සර්ගෙ අලුත් ක්‍රමය ගැනම හිත හිත ආපු මට සර් පිටි පස්සෙ ඉන්නවද කියල මටත් අමතක උනා.මම කතා නොකරපු නිසාදෝ සර් මගේ උරහිසට කඩන් වැදිලා හොදටම නිදියගන හිටියෙ..ඉතිං මමත් ගේ ළගටම ඇවිත් තමයි සර්ව ඇහැරුවෙ..


    මම : සර්..බහින්න ගේ ගාව ඉන්නෙ...
    සර් : අපි ඇවිත්ද මචං....එළ එළ....
    මම : එහෙනම් සර් මම යන්නම්....
   සර් : යකෝ එළිසෙබත් රැජිණ මාළිගාවෙ දොරටුව ළග...තෝ මට සර් කියලා බෙරිහන්දීලා මාව නෝන්ඩි කරනවා...


             සර්ගෙ නෝනා මගෙ බයික් එකේ සද්දෙට එළියට ඇවිත් සර් ගෙදරට එනකම් බලන් හිටියා හැබැයි ඒ ආදරෙන්ද තරහකින්ද කියලා නම් මමවත් තවම දන්නෙ නෑ....


    මම : හරි මචං...මම ගියා එහෙනම්...good night...!


              සර්ගෙ නෝනාටත් ඇහෙන්න එහෙම කියපු මම එතනින් පිට වෙලා එන්න ආවා. ඉතිං එදා ඉදලා අද වෙනකනුත් සර් මට කියන්නෙ මචං කියලා.අදටත් තානායම පැත්තෙ විසිට් එකක් දාන ඕනි කෙනෙක්ට කිරි බණ්ඩියා සර්ව බලාගන්න පුළුවන්...

4 comments:

  1. මාරයිනෙ මචන්.... නියමෙට ලියල
    //යකෝ එළිසෙබත් රැජිණ මාළිගාවෙ දොරටුව ළග//
    නියමයි...

    ReplyDelete
  2. දැන් අපි කියලා වෙනසකුත් නෑ බං! ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් සර්ලා යාලුවෝ වෙන හැටි,කුනු හබ්බ කතා කිය කිය හිනා වෙද්දි ඒ මේ සර්ලමද කියලා හිතා ගන්න බෑ!කාලය මැවු වෙන්සක අරුමේ තමා!

    ReplyDelete
  3. @වැලිමැඩියා:අලුතින් ලියන මට උඹ හයියක් උනා....

    ReplyDelete
  4. @sabith:සහතික ඇත්ත මචං...කාලය මැවු වෙනසක අරැමේ...

    ReplyDelete