Wednesday, December 21, 2011

රථ වාහන පොලීසියෙන් අපට ජරාව දුන්න දවසක්....



                           මම මේ ලියන ලිපිය නිසා අපේ රටේ ඉන්න කිසිම අවංක පොලිස් නිළධාරියෙකුට අබ මල් රේණුවක තරම්වත් හානියක් වෙයි කියලා මම හිතන්නෙ නම් නෑ..අනිත් කාරණය තමයි මම මේ කියන නිළධාරියා අවංක කෙනෙක් වෙන්න නම් කොහෙත්ම විදියක් නැහැ.මේ සිදුවීම සිද්ධ උනේ කොහෙදිද කියලා නම් මගෙන් අහන්න එපා.හැබැයි ඉතිං අපේ රටේ ප්‍රසිද්ධ නගරයක දී තමයි මේ සිදුවීම උනේ...


                       දවසක් මම මගේ ළගම හිතමිතුරන් ගෙන් කෙනෙක් වෙච්චි කපොත් එක්කලා ගියා පුංචි ගමනක්..මේ ගමන ඉතිං මට පුංචි එකක් උනාට කපෝට නම් ගොඩාක් වැදගත් වෙච්චි එකක්...මොකද කියලා හරියටම කිව්වොත් එදා තමයි කපෝ එයාගෙ girl friend ව කුළුදුලේම මුණගැහෙන්න ගියපු දවස..හැම ගමනටම බෙහෙත වගේ තිබිච්චි මගේ bike එකේ තමයි අපි මේ ගමන යන්න පටන් ගත්තේ...යන්න පිටත් උනාට කපෝ පුරුදු විදියට එදත් මොකක්දෝ අමතක කරලා තිබ්බා. මේ අමතක වීමේ ලෙඩේ මුන්ගෙ අම්මා කියන විදියට නම් තාත්තගෙන් පුතාට උරුම වෙච්චි එකක්ලු.


      කපෝ : බයික් එක නවත්තපං...මට පොඩ් බඩුවක් ගන්න අමතක උනා.
      මම : ඒ ගමන මොනවද බං...?
      කපෝ : දන්නවනෙ බං ඉතිං...චොකලට් එකක්වත් අරගන යන්න ඕනිනෙ...
      මම : අනිවා මචෝ...උඹ අරන් වරෙන් මම මෙතන ඉන්නම්....
 
              ඉතිං කපෝ පාරෙ පැත්තකට වෙන්න තිබුණ ග්‍රොසරියට ගිය නිසා මමත් බයික් එක පාරෙ අයිනට වෙන්න නතර කලා.ඔන්න ඔය වෙලාවෙ තමයි මම දැක්කෙ පාරෙ 25mක් විතර දුරින් මගේ දිහා බලාගන තමන්ගෙ සගයාගෙ කනට මොනවාදෝ කොදුරන රථ වාහන පොලිස් නිළධාරියාව...පාරෙ එන ගමන් කරගන ආපු වැරැද්දකුත් නැති එකේ මගේ සියළුම ලියකියවිලි තිබුණ නිසිත් මම ඒ ගැන ඒ තරම් දුරට හිතන්ක ගියේ නැහැ.


              ලස්සන පුංචි කවරයක චොකලට් එකක් දාගන ආපු කපෝ මගේ බයික් එකේ පිටි පස්සෙන් ඉදගත්ත නිසා මම අපි යන්න ආපු ගමන යන්න පිටත් උනා....ඔන්න ඉතිං අර මම කිව්ව මහත්තුරු දෙන්නගෙන් එක්කෙනෙක් අපේ ගමනට හරස් කැපුවා.පාර මැදට පැනපු මහත්තයා මට බයික් එක නවත්තන්න අණ කලා.


      පො.නි1 : මල්ලි ගමු බලන්න ලයිසන් එක...
(පො.නි. ලෙස කෙටියෙන් සදහන් කර ඇත්තේ පොලිස් නිළධාරියා යන්නයි.)


             නිළධාරියාගෙ අණට කීකරු වූ මම සියළුම ලියකියවිලි සමග ඔහු වෙතට ගියා. කපොත් මාගෙ පිටි පස්සෙන් නිළධාරියා ලගට ආවා.මගේ අතේ තිබුණ ලියවිලි පරීක්ෂා කරපු මහත්තයා එයාගෙ සගයට ලං වෙලා මොනවද කියන්න පටන් ගත්තට අපිට නම් ඒ මොනවත් ඇහුණෙ නම් නෑ.ඔන්න ඊට පස්සෙ අනිත් නිළධාරියා speed මීටරයකුත් අරගන අපි හිටපු තැනට ආවා


     පො.නි2 : මල්ලී ඔහොමද තමුසෙලා පාරෙ යන්නේ...
     මම  :  ඇයි මහත්තයා...?
     පො.නි2 : අපෙන්ද ඇයි කියලා අහන්නෙ...බලනවා මේ මීටරෙ..තමුන්ගෙ speed එක 100යි.
       මම  :  මහත්තයට පිස්සුද...? මට ගියර් 05වත් මාරු කරන්න උනේ නෑ...ඉතිං කොහොමද 100 උනේ...?


             මට අසූහාරදාහට මල පැන්නා...මීටරේ 100 කට තියා ඔය වෙලාවෙ මට 40ට වත් බයික් එක speed කරන්න උනේ නෑ...ඒත් ඔය වෙලාවට කතා තරලා දිනන්න බැරි බව නම් මම හොදටම දැන ගන හිටියා.මොකද මගේ මාමා රියදුරෙක් එයා හැම තිස්සෙම කියන දෙයක් තමයි ගන්න පඩිය පොලිසියට දුන්නම ඉවරයි කියලා.ගොඩාක් වෙලාවට කරන වැරැද්ද මහත්වරු කලින් තීරණය කරන නිසා අපි කොහොම පාරෙ ගියත් වැඩක් නැතිලු.


       පො.නි1 : මල්ලි අපිට නීතිය උගන්වන්න හදන්න එපා ඔයා...අපි නඩුවක් දාන්නම්...ඔයා උසාවියෙදී ඕවා කියන්න...
       කපෝ : අනේ එහෙම කරන්න එපා මහත්තයා...පොඩි ෂේප් එකක් දාලා දෙන්න...
       පො.නි2 : ෂේප් කරන්න තිබ්බා මුගෙ කට වැඩියි....
පොලිස් නිළධාරිය මට ඇගිල්ල දික්කර කර බනින්න ගත්තෙ අහල පහලින් ගියපු කෙල්ලො රෑනටත් ඇහෙන්නම එක්කයි.
       මම : හරි මහත්තයා වැරැද්දක් උනානම් සමාවෙන්න...දඩයක් නැතුව මොනවහරි කරලා දෙන්නකෝ..plz'''''


               තවත් ඉතිං පිංසෙණ්ඩු වෙනවා ඇරෙන්න අපිට ඒ වෙලාවෙ කරන්න දෙයක් තිබුණෙ නැහැ.මොකද පොලීසිය එක්කලා නඩු කියනවට වැඩිය දඩයක් කන එක අපි දෙන්නගේම පර්ස් වලට ගොඩාක් පහසු නිසා.


            පො.නි1 : මල්ලි ඔයා පොඩ්ඩක් මෙහෙට එන්න...


               පොඩි කසු කුසුවකින් පස්සෙ එක නිළධාරියෙක් කපෝට කතා කලා.අහිංසක හීනාවක් දාලා කපෝ ඒ පැත්තට ගියාට වෙන්න යන දේ ඉවෙන් වගේ මට තේරුණා.


            කපෝ : ඇයි සර්...?
            පො.නි2 : උඹලා පොඩ් එවුන්නේ...මේක කාටවත් නොදෙන චාන්ස් එකක්..හැබැයි කට හොල්ලන්න බෑ...අර පාරෙන් එහා
                          පැත්තෙ තියන කඩේ තියනවා අපි තේ බීපු බිලක් හෙමින් සැරේ එක ගෙවලා පලයං....


               ඇත්තටම ඒ වචන ඒ විදියටම නැතත් මහත්තුරු දෙන්නා ඉලන්නෙ සල්ලි කියලා නම් මට තේරුණා.ඉතිං මමයි කපෝයි බයික් එකත් තල්ලු කරගනම පාරෙන් එහා පැත්තෙ තිබ්බ කඩේට ගොඩ උනා.


       මම : මුදලාලි අන්න අර මහත්තයා කිව්වා..මුදලාලිගෙන් රුපියල් 500ක්  ඉල්ලන් එන්න කියලා...


            මම කියපු කතාව අදහගන්න බැරිව ගිය කපෝ පුදුම වෙලා මගේ දිහා බැලුවා. ඒත් මම ඇහැකින් කරපු ඉගිය නිසා කපෝ කිසිම වචනයක් කතා කරන්න ගියේ නැහැ.


    මුදලාලි : කවුද අර ට්‍රැෆික් මහත්තයාද...?
     මම : ඔව් මුදලාලි...තේ බිලක් ඇති කියලා ඒක දෙනකොට ගේන්නම් කිව්වා.


          කඩේ තිබුණෙ පාරෙන් එහා පැත්තට වෙන්න නිසා මගේ කතාව මුදලාලි හයියෙන් කෑ ගහලා අහන්න යන්නෙ නැති බව මම දැනගන හිටියා.හැබැයි මුදලාලි කඩේ දොරෙන් එබිලා මහත්තුරු දෙන්න දිහානම් බැලුවා.මුදලාලි බලනවා දැකපු එකමහත්තයෙක් හිසෙන් මුදලාලිට පොඩි සංඥාවක් කරා.හැබැයි එයා හිතන්න ඇත්තෙ අපෙන් තේ බිලේ සල්ලි ගන්නද කියලා අහන්න හදනවා කියලා වෙන්න ඇති.ඉතිං මුදලාලි දුන්නු සල්ලි සාක්කුවෙ දාගත්ත මම මුදලාලිගෙන් පෑනක් ඉල්ලගන පුංචි කොල කෑල්ලක මෙන්න මෙහෙම ලිව්වා....


                   " මහත්තයෝ අපිටත් තේ බොන්න සල්ලි නැතුව හිටියෙ...දුන්න 500ට ගොඩාක් පිං.... "
     
     මම : මුදලාලි මහත්තයා සල්ලි දෙන්න ආවම මෙන්න මේකත් දෙන්න...අපි යන්නම්...


         හතරට පහට නමපු කොල කෑල්ල මුදලාලිගෙ අතට දුන්නු අපි දෙන්නා යන්න ආපු ගමන පිටත් උනේ මහත්තුරු දෙන්නටත් හෝන් එකක් ගහගනමයි.හැබැයි ඉතිං එනකොට නම් අපි ඒ පාරෙන් ආවෙ නෑ....

8 comments:

  1. පුළුවන් නම් මේ ගැන හිතෙන දේ ලියලා යමු....

    ReplyDelete
  2. niamai appa...
    honda wede ohoma thamai karanna ona boru karana ewnta

    ReplyDelete
  3. අදහස් දක්වලා ගියාට so tanks....

    ReplyDelete
  4. කියවන්න ආසයි මේ අකුරු කියවන්න බෑ....

    ReplyDelete
  5. sry........ඉස්සරහට අකුරු ලොකු කරමු...

    ReplyDelete
  6. ඒක නම් සුපිරි වැඩේ.... ඔය වගේ අයට ඔහොම තමා කරන්න ඕන.....
    අයියේ තරහ වෙන්න එපා.... අකුරුනම් පොඩි වැඩිනේ, පිටිපස්සෙන් තියන පින්තූරෙත් එක්ක කියවන්නත් අමාරුයි......

    ReplyDelete