Tuesday, December 20, 2011

පුංචි රස්තියාදුවා...(අනාගත බස් රියදුරෙකුගේ කතාව)



                            මම බ්ලොග් එකට ලියපු පළවෙනි ලිපිය දැකපු වෙලාවෙ ඉදලා පොඩි කොල්ලෙක් මට වද දෙන්න පටන් අරගන...හරියට කන්න කෑම එක අතට ගත්තම ගෙදර ඉන්න පූස් පැටියා මගෙ වටේ කැරකෙනව වගෙ මේ පොරත් මට වද දෙන්න පටන් අරන් එයාගෙ ගැනත් ලියන්න කියලා.ලියන්න ඕනි මොනවද කියලා හිතා ගන්නවත් මට බැරි උනාට එයාට වෙච්චි පොරොන්දුව නිසාම මම හිතුවා ලියන්න මේ පොරගෙ ජීවිත කතාවෙන් ටිකක් විතර....


                        ඉතිං මේ කොල්ලගෙ නම "හසිත්" කියලා මම ලියන්නම්...ඇත්තම නම ලියනවට එයාගෙන් විරැද්ධත්වයක් නැති උනාට මම හිතුවා එයාගෙ නම ලියන එක හොද මදි කියලා. මොකද මෙයා තවම ඉන්නෙ පාසල් යන වයසෙ නිසා..මේ කතාවට "පුංච් රස්තියාදුවා" කියන නම දාන්නෙත් හසිත්ගෙ කැමැත්තටම තමයි. නැතුව මගේ උවමනාවකට එහෙම නෙවෙයි.


                       අම්පාර නගරයෙ තියන හැම පාරකම හවසට බයිසිකලයක නැගලා රස්තියාදුවෙ යන පාළු ගහක් යටකට වෙලා දුම් වැටියක් උරමින් අහසට දුම් වළලු එකතු කරන හසිත් ගෙන්ම මම ඇහුවා මොනවද ලියන්න ඕන කියලා.


      හසිත් : තමුසෙ දන්නවද ඊයෙ රෑ මම නිදාගන නැගිට්ටෙ පාන්දර දෙකට....
හසිත් එයාගෙ භාෂාවෙන්ම කතාව පටන් ගත්තා.
     මම : මොකටද බන් ඒ...ආ..පාඩම් කරන්න වෙන්න ඇති නේද...?
     හසිත් : පිස්සුද ඕයි..මම ඒ වෙලාවෙ නියම හීනයක හිටියෙ..ජස්ටින් බීබර් එක්ක සිංදුවක් කිය කිය..ඒත් එක පාරටම මාව ඇදෙන්      
               බිමට ඇදගන වැටුණා.
    මම : ඇයි උඹ sing කරන ගමන් නටන්නවත් ගිහින් කකුල පැටලුණාද...?
    හසිත් : මගුල අපේ පියා(තාත්තා)මාව ඇදෙන් බිමට ඇදලා දැම්මා.ඊට පස්සෙ මට හොදටම වනන්න ගත්තා.


                    ටීෂර්ටි එක උස්සලා තාත්තා දීපු කොසු පාරවල් ටික හසිත් මට පෙන්නුවා. ඇත්තටම මුගේ පියත් මාර පොරක් තමයි කියලා මට හිතුණා.මොකද හරකෙක්ට තඩි බානවා වගේ තමයි හසිත්ට ගහලා තිබුණෙ. ඒත් ඉතිං මේ තරමටම ගහන්න මොකක් හරි හේතුවක් ඇතිනෙ....


    මම : ඒ ඇයි බන්...උඹලගෙ තාත්තට පිස්සුද....?
    හසිත් : නෑ ඕයි...ඊයෙ හවස මම ගෙවල් ළග අයියා කෙනෙක් එක්කලා පොඩි අඩියක් ගැහුවා..ගෙදර ගිහින් සැටියෙ පොඩි ඇලට්
              එකක් දැම්මා.මට එහෙම්මම නින්ද ගිහින්...
   මම : ඉතිං.....
   හසිත් : මම කවදාවත් රෑට සැටියෙ නිදාගන්නෙ නැති නිසා අපේ පියා පොඩ්ඩක් මට කිට්ටු කරලා බලලා..ඒ වෙලාවෙ අරක්කු ගද
             දැනිලා.ඕක තමයි හේතුව....


                  තවම මූට අවුරැදු 15යි.ඉතිං තාත්තා නොගහ ඉදියිද නේද...පොර කියන විදියට ඒ වෙලාවෙ තාත්තා මූට ගහලා තියනවා සිහිය නැතිවෙන තරමට..හැබැයි තාත්තා එතනින් නතර කරලා නැහැ..තාත්තට ඇහැරෙන හැම සැරේකම හසිත්ට ගහලා.මොකද එදා තාත්ත් බීලා තමයි එදා ඉදලා තියෙන්නෙ...


   මම : ඉතිං කියපන්කෝ උඹෙ තව විස්තර ටිකක්...
   හසිත් : වෙන මොනව කියන්නද ඕයි....
  මම : උඹගෙ අනාගත බලාපොරොත්තුව ගැන එහෙම...?
  හසිත් : ආ..මමද..මම වෙනවා බස් ඩ්‍රයිවර් කෙනෙක්..තමුසෙටත් පුළුවන් ටිකට් නැතුව මගෙත් එක්ක කොළඹ යන්න..


             හසිත්ගේ තාත්තා හොද ඩ්‍රයිවර් කෙනෙක්..මේ වෙනකොටත් රජයෙ ආයතනයක රියදුරැ රැකියාවක් තමයි එයා කරන්නේ..ඉතිං හසිත්ගෙ ලෝකයෙ හිටපු එකම වීරයා තමයි එයාගෙ තාත්තා...දැනටත් හසිත්ට ඕනිම වාහනයක් පදවන්න එයාගෙ තාත්තා පුරැදු කරලා ඉවරයි. ගෙදර තිබ්බ ත්‍රී වීල් එකේ හසිත් ගොඩාක් වෙලාවට ගියේ රෝද දෙකෙන්.....


          මොනදේ නොකලත් හසිත් ලස්සනට ඇන්දා. මේ වයසට කොල්ලෙක් ලස්සනට අදින්නෙ මොකටද කියලා ඕනිම කෙනෙක්ට හිතා ගන්න පුළුවන්නෙ..ඉතිං මම හිතුවා හසිත්ගෙන් ආදරය ගැන අදහස් දැන ගන්න.


    මම : දැන් කෙල්ලෙක් එහෙම ඇති නේද......?
    හසිත් : තමුසෙට පිස්සුද ඕයි..මට ඕකුන් පෙනෙන්න බැහැ...තමුසෙ දන්නවද අපේ පංතියෙ කෙල්ලො මට කියන්නෙ "GG"කියලා.
   මම : ඒ ඇයි බන්...
  හසිත් : ඒ කියන්නෙ ගෑණු ගදයා...මට කෙල්ලෙක් ළගට එනකොට මාරම ගදයි ඕයි.අනික මම කවදහරි බදින්නෙ ගෙදරින් හොයල
            දෙන කෙනෙක්.එතකං ඉතිං ලව් නෑ....


         මම දන්න විදියට මූ ගෙදර මිනිස්සු කියන කිසිම දෙයක් අහන්න කැමති නැති ඇට්ටරයෙක්..ඒත් මේ තීරණය විතරක් ගන්න ගෙදරට ඉඩ දෙන එක ගැන නම් මට හිතා ගන්න බැරි උනා. හැබැයි මම ඒ ගැන අහන්න ගියෙත් නැහැ.


        හසිත්ගෙ යාළුවෝ මම දන්න තරමින් එයාට කතාකලේ "නයිටියා" කියලා. ඒ ඉතිං රෑට රෑට රෙදි වැල් වල වනලා තියන ඇදුම් හොරකන් කරපු නිසා නම් නෙවෙයි. අම්පාරෙ නගරයෙ වෙන ඕනිම දෙයක් මෙයා දැන ගන හිටියා.යන එන ගමන් වැදගත් කියලා හිතෙන ඕනිම දෙයකට එයා කන් දුන්නෙ ඉබේවටමයි.හරියට google වගේ මුත් නොදන්න දෙයක් අම්පාරෙ තිබුණෙ නෑ.කාටහරි මොනවහරි අම්පාරෙ අලුත් සිදුවීමක් දැනගන්න ඕනිනම් ඇහුවෙ හසිත්ගෙන් තමයි.


    හසිත් : තමුසෙ ඉතුරු ටික ලියනවා..මට යන්න තියනවා පොඩි ගමනක්...
    මම : ඒ කොහෙද බං....?
    හසිත් : අර "චාමර රණවක"ගෙ අලුත් CDඑක ගන්න..
    මම : හදිස්සියෙ මොකටද බං rege අහන්න හිතුණෙ...?
   හසිත් :     ඒකෙ තියනවා රජ්ජුරුවෝ කියලා සිංදුවක්...තාත්තා ගැන කියන්නෙ.ඇයි අහලා නැද්ද...?
එහෙම කියපු හසිත් සාක්කුවෙ තිබ්බ phone එක අතට අරගන මට ඇහෙන්න ගීතයක්playකරා..


                          "ජැන්ඩි පහට නොඇන්දාට....
                           ගෙදර චණ්ඩිකම් කලාට.....
                          මගෙ ලෝකෙ රජ්ජුරුවෝ උඹයි තාත්තේ....
                          පැණි ඩිංගක් තොල ගෑවට.........
                           කඩමණ්ඩියෙ ඇලවුණාට......
                           මගෙ ලෝකෙ රජ්ජුරුවෝ උඹයි තාත්තේ...."
ඒ සිංදුව අහනකොටම මටත් එක පාරටම මතක් උනේ හසිත්ගෙ තාත්තා තමයි.ඒ කියපු ගොඩාක් වචන හසිත් පියාගෙ ජීවිතේට ගොඩාක්ම ළගින් තිබුණා.


      මම : දැන් මොකටද උඹට ඔය සිංදුව....?
     හසිත් :  ඔය සිංදුවට අපේ පියා මාර කැමතියි.එන වෙලාවට ඕක දැන්මනම් පියා ෂේප්..ඊයෙ සීන් කෝන් අමතකයි..


               එහෙම කියපු හසිත් කොහෙදෝ යන්න පිටත් උනා. හැබැයි හසිත් ගැන ලියපු මට හිතුණා හසිත් මට මීට කලින් එයාගැන කියපු දෙයකුත් මේ ලිපියට එකතු කරන්න ඕනි කියලා.ඊට පස්සෙ මේ ලිපිය කියවන කෙවෙක්ට තේරුම් ගන්න ලේසි වෙයි හසිත්ගෙ මේ lifeඑකට හේතුව මොකක්ද කියලා.


              හසිත්ගෙ තාත්තා හසිත් පුංචි කාලෙදි එයාට කියලා දීලා තිබුණෙ රජ කාලෙ වීර කතාවත් ලස්සන සුරංගනා කතාවත් නෙවෙයිලු.එයාගෙ තාත්තා පොඩි වයසෙදි කරපු ඇට්ටර වැඩ තමයි හසිත්ට කියලා දීලා තියෙන්නෙ...හසිත් කියන විදියට එයාගෙ තාත්තා බීඩ්යක් බීලා තියෙන්නෙ වයස අවුරුදු 08 දී..හරියටම ඔය කියන වයසෙදිම හසිත් පියාව අනුගමනය කරන්න අමතක කරලා නැහැ. එයාගෙ තාත්තට යාළුවො කතා කරන්නෙ "රස්තා" කියලලු. ඉතිං තාත්තගෙ යාළුවො හසිත්ව පාරකදි දැක්කම පුංචි රස්තා කියලා හසිත්ට කතා කරනවා. හැබැයා හසිත් නම් මේ නමට ගොඩාක් කැමැත්තකින් හිටියා.


               සාමාන්‍ය පෙළින් පස්සෙ පාසල් ගමන හමාර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හසිත් කාගෙන්වත් උපදෙස් ගන්න කැමති මානසික මට්ටමක නම් නෙවෙයි දැනටත් ඉන්නෙ...අනික හසිත්ගෙ අනාගත රැකියාවට ඕන්කරන හැමදෙයක්ම එයා දැනටමත් ඉගනගන ඉවරයි. අඩුපාඩුවකට කියලා තියෙන්නෙ Driving License එක ගන්න වයස මදිකම විතරයි.
     

3 comments:

  1. මේ නයිටියා ගැන නේද ලියලා තියෙන්නේ....

    ReplyDelete
  2. ඔයා දන්න කෙනා තමයි...

    ReplyDelete
  3. අනේ මන්ද මොනව කියන්නද. පියෙක් විදියට මම මේක මෙහෙම වෙනවට අකමැතියි. ඒත් යමක්වෙනම් සුදුස්සාටම අයිති විය යුතු. මම තරයේ අදහනවා ඒ කියමන. මගේ දරුවටත් ඒක වලංගුයි. ඒ නිසා මොනවා කරන්නද?

    ReplyDelete